නරක් වූ හාල් මැස්සන් කවන්න බැරිවේ


පරිභෝජනයට නොසුදුසු කල් ඉකුත් වූ  හාල්මැස්සන් කිලෝ 20000ක් පමණකොළඹ කේසර වීදියේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. ඩුබායි සිට ගෙන්වන ලද බව කියන මෙම හාල්මැස්සන් පිරිසිදු කර යළි අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී මේ අත්අඩංගුවට පත්විය.  එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කි. ගබඩා හිමිකරුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.